කථානායකවරයෙකුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් විධිමත් ලෙස ඉදිරිපත් කර පිළිගත් පසු එය ව්‍යවස්ථානුකූලව වලංගු වන අතර, එමඟින් නව කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා පසුබිම සැකසෙනු ඇති.

ස්ථාවර නියෝග 6/1 ට අනුව, ඉල්ලා අස්වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට දැනුම් දුන් පසු, නව කථානායකවරයෙකු පත් කිරීම පාර්ලිමේන්තුවේ ඊළඟ රැස්වීමේදී සිදුවන බව නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න සඳහන් කරනවා.

කථානායක ධුරයේ පුරප්පාඩුවක් ඇති වූ විට, පුරප්පාඩුවෙන් පසු පළමු රැස්වීමේදී පාර්ලිමේන්තුව නව කථානායකවරයෙකු තෝරා පත් කර ගත යුතු බව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් වනවා.

දෙසැම්බර් 17 සහ 18 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී නව කථානායකවරයෙකු පත් කිරීමට ඉඩ තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here