පසුගියදා හැටන් ප්‍රදේශයේ සිදු වු පෞද්ගලික බස් රථ අනතුරත් සමග පොලිස් නිලධාරින් මාර්ග නිති උල්ලංඝනය කරමින් රිය ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනිමට ආරම්භ කර ඇති මෙහෙයුමත් සමග හැටන් බස් නැවතුම්පොලේ සිට ගමන් ආරම්භ කර කෙටි සහ දුර සේවා බස් රථ රියදුරන් ආරක්ෂිත ආසන බද පටි පැළද බස් රථ ධාවනය කරන අයුරු අප කැමරාවේ සටහන් විය.

එම අනතුරෙන් පසු අනතුරට පත් බස් රථයේ රියදුරා ආසන පටි නොපැළද සිටි බවට තහවුරු විමත් සමග නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මොටර් රථ පරික්ෂකවරයා හැටන් පොලිසියට ලබාදුන් උපදෙස් මාධ්‍ය මගින් ප්‍රචාරය විමත් සමග ආසන පටි සවි කර ඇති බස් රථ වල රියදුරන් ආසන පටි පැළද බස් රථ ධාවනය කරන අතර, තවත් පිරිසක් ආසන පටි නොපැළ බස් රථ ධාවනය කරන අයුරු අප කැමරාවේ සටහන් විය.

මේ අතර හැටන් ලංගම ඩිපෝවෙන් දිනපතා ධාවනයට එක් කරන සැම බස් රථයකම රියදුරුගේ ආසනයේ ආරක්ෂක පටි සවි කිරිමට හැටන් ඩිපෝවේ පාලන අධිකාරිය එම ඩිපෝවේ කාර්මික අංශයට උපදෙස් ලබා දි ඇත.

එම ඩිපොවේ රියදුරන්ට පාලන අධිකාරිය මගින් උපදෙස් ලබා දි ඇත්තේ බස් රථ ධාවනය කිරිමේදි අනිවාර්යෙන් ආසන පටි පැලද බස් රථ ධාවනය කරන ලෙසයි.

(හැටන් රංජිත් රාජපක්ෂ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here