රුපියල් එක්දහස් එකසිය හැත්තෑවක් වටිනා කුකුලු මස් කිලෝවක් අල්ලස් වශයෙන් ලබා ගත් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මීරිගම ප්‍රාදේශීය සභාවේ වේවැල්දෙණිය උප කාර්යාලයේ සේවය කරන වැඩබලන ආදායම් නිලධාරීවරයෙකු සහ මාර්ග අංශයේ කම්කරුවෙක්.

කොස්ගම ප්‍රදේශයේ පුද්ගලයෙකු කරන ලද පැමිණිල්ලකට අනුව, ඔහුගේ වෙළදසැලේ 2025 වර්ෂයට අදාළ වාර්ෂික වෙළද බලපත්‍රය ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දීම සදහායි මෙලෙස කුකුලු මස් කිලෝවක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇත්තේ.

පැමිණිලිකරුගේ වෙළදසැල ඉදිරිපිටදී ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here