හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සිටි අයෙකු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව වාර්තා වෙනවා.

ඒ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පරිශ්‍රය සහ නාරාහේන්පිට කම්කරු අමාත්‍යංශය අයත් ගොඩනැගිල්ල යොදා ගනිමින් සිදුකර ඇති බව කියන මිනිස් ජාවාරමක් පිළිබඳව සිදු කෙරෙනෙ විමර්ශනයකට අනුවයි.

ඊශ්‍රායල් රැකියා සහ දකුණු කොරියානු රැකියා ලබාදෙන බව කියමින් අයථා ලෙස මුදල් ඉපයූ බව කියන හිටපු අමාත්‍යවරයාගේ සමබන්ධීකරණ ලේකම්වරයෙකුව සිටි භාග්‍ය කාරියවසම් නැමති පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගැනීම සඳහා  සොයමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here