සීදූව ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
තිදෙනෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි පොලීසිය පැවසුවේ.
වෙඩි තැබීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගත් බවයි පොලීසිය වැඩි දුරටත් සඳහන් කර සිටියේ.
සැක කරුවන් මෝටර් රථයකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සීදුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක බණ්ඩාර මහතා පැවසුවේ පොලිස් කණ්ඩායමක් යොදා ඇති බවයි.
(මිනුවන්ගොඩ දමිත් තිසර)