සීදුව වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ලයින් තිදෙනාගෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා.

සීදුව, ලියනගේමුල්ල වෙළබඩපාර ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට ඊයේ (28) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර තිබුණා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනායි.

ඔවුන් බරපතළ තුවාල ලබා මීගමුව රෝහළට ඇතුළත් කර ඇති අතර මියගොස් ඇත්තේ, එම පවුලේ වැඩිමහල් පුත්‍රයා වන 53 හැවිරිදි පුද්ගලයෙක්.

වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලැබූ 73 හැවිරිදි ව්‍යාපාරිකයා මේ වනවිට මීගමුව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ අනෙක් පුත්‍රයා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

වෙඩික්කරුවන් , වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබූ අතර පසුව ඔවුන් පැමිණි මෝටර් රථය කටුනායක කෝවින්න ප්‍රදේශයේ ආදාහනාගාරය අසල ගිනි ගැනීමකට ලක්ව තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ වෙඩික්කරුවන් T56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

කෙසේවෙතත්,වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සීදුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව සීදුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ධනුෂ්ක බණ්ඩාර මහතා පවසයි.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here