ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩක ශුබ්මන් ගිල්ට ගුජරාට් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට කැඳවීමක් සිදු කර තිබෙනවා.

ඒ, දැවැන්ත මූල්‍ය වංචාවක් සිදු කළ සමාගමක ආයෝජනය කිරීමේ සිද්ධියක්  සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

එමෙන්ම ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් කණ්ඩායම නියෝජනය කළ සායි සුදර්ශන්, රාහුල් තේවාටියා සහ මොහිත් ෂර්මා හට ද කැඳවීම් සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම වංචා යෝජනා ක්‍රමය පිටුපස සිටින බව කියන මහ මොළකරු බව කියන භූපේන්ද්‍රසිංහ සාලාගෙන් ගුජරාට් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ප්‍රශ්න කිරීම්වලදී සාලා වංචාවට සම්බන්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් කළ ආයෝජන ආපසු ලබා දීමට අපොහොසත්වී ඇති බව පිළිගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ශුබ්මන් ගිල් විසින් ඉන්දියානු රුපියල් මිලියන 1.95ක් ආයෝජනය කර ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here