දේශපාලන පත්වීම් ලැබූ තානාපති හා මහ කොමසාරිස්වරුන් 18 දෙ‌නෙකු මේ වනවිට යළි කැඳවා ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

විදේශ සේවය කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් බවට පත් කිරීමේ නව රජයේ දැක්ම අනුව ඔවුන් කැඳවූ බවයි නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත් අමෙරිකාවේ ශ්‍රී ලංකා තනාපතිවරයා ලෙස කටයුතු කරන මහින්ද සමරසිංහ මහතා තවදුරටත් එම තනතුරේ කටයුතු කරන බවද ඔහු කියා සිටියේ ය.

නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, දේශපාලන බලපෑම්වලින් තොර රාජ්‍ය සේවාවක් ඇති කිරීමට වත්මන් රජය කැපවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here