කොවිඩ් අර්බුදයට වසර පහකට පසු චීනය නව වෛරස් ව්‍යාප්තියකට මුහුණ දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන වෛරස තත්ත්වයක් ප්‍රධාන වශයෙන් පැතිර යමින් පවතින අතර, කොවිඩ් 19 රෝග ලක්ෂණ දක්නට ලැබෙන බව සදහන් වේ.එමෙන්ම ඉන්ෆුවෙන්සා වෛරසයද චීනයේ පැතිර යමින් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වෛරස තත්ත්වය චීනය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වන අතර, සමාජ මාධ්‍ය ඔස්සේ චීනයේ පවතින තත්ත්වය පිළිබඳ අදහසක් ලබාගත හැකි බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
වෛරස තත්ත්වය හේතුවෙන් රෝගීන්ගෙන් රෝහල් පිරී පවතින බව සඳහන් වේ.
පවතින තත්ත්වය හමුවේ චීනය තුළ හදිසි තත්ත්වයක් පනවා ඇතැයි පැවසෙන නමුත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් වාර්තා පළවී නොමැත.
රෝග තත්ත්වය සම්බන්ධයෙන් ද චීන බලධාරින් ද මේ වනතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.