සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසිය වාසිය දිනාගත් නවසීලන්තය පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසන් වීමටත් පෙර සියල්ලන් ම ලකුණු 178කට දැවී ගියා.
අවිශ්ක ප්‍රනාන්දු සිය එක්දින 09 වැනි අර්ධ ශතකය ලබා ගනිමින් ලකුණු 56ක් රැස් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එෂාන් මාලිංග අද ජාත්‍යන්තර මංගල එක්දින වරම් හිමිකර ගැනීම ද විශේෂත්වයක්.
ඒ අනුව ජයග්‍රහණය සඳහා නවසීලන්තයට පන්දුවාර 50ක දී ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව ලකුණු 179ක්.
ලකුණු පුවරුව පහතින්,

