අහුංගල්ල මංසන්ධියේ දී ත්‍රීරෝද රථ රියදුරෙකුට වෙඩි තැබීම සදහා සැකකරුවන් පැමිණි ස්කූටර් වර්ගයේ යතුරු පැදිය කුරුදු ඉඩමක සඟවා තිබියදී සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී හැකි වී තිබෙයි.
මෙම වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.
සිද්ධිය පිළිබද විමර්ශන සඳහා කණ්ඩායම් තුනක් පත්කර ඇති බවයි පොලිසිය පවසයි.
කරන්දෙණිය දෙනගොඩ ප්‍රදේශයේ සඟවා තිබියදී සොයා ගත් යතුරුපැදියේ ඇගිලි සළකුණු පිළිබද පරික්ෂා කර ඇති අතර එම යතුරුපැදිය පසුගිය වසරේ සැප්තැම්බර් මස 29 වනදා බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය අසළදී සොරකම් කළ එකක් බවටයි තොරතුරු හෙළිවී ඇත.
කැළණිය ප්‍රදේශයේ යතුරුපැදියකට අයත් අංක තහඩුවක් මෙම යතුරුපැදිය ව්‍යාජ ලෙස සවිකර ඇති බවත් පොලිසිය පවසයි.