කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව මේ වසරේ ජූලි මාසයේදී එහි ඉදිකිරීම් නිම කිරීමට සැලසුම් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ.

ඉන්දියාවේ අදානි සමාගම විසින් සංවර්ධනය කෙරෙන බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ලබන මාසයේදී අවසන් කිරීමට හැකියාව ලැබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ මෙම පර්යන්ත දෙකේ ඉදිකිරිම් අවසන් වීමත් සමග කොළඹ වරායේ වාර්ෂික බහාලුම් මෙහෙයුම් ධාරිතාව මිලියන 08 සිට 13 දක්වා ඉහළ යන බවයි.

මෙය මෙරට සංවර්ධන ක්‍රියාවලියට හා ජාත්‍යන්තර වෙළඳාමට දැඩි පිටිවහලක් බවද ඔහු ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here