ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් මිලියන 91 කට අධික වටිනාකමකින් යුත් වේග මාපක (SPEED GUN) උපකරණ 30 ක් රථ වාහන නිලධාරීන් වෙත ලබා දී තිබෙනවා.

ඒ, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේ ඊයේ(11) පැවති උත්සවයක දී.

එහි පළමු අදියරේ කොටසක් ලෙස මීගමුව, කැලණිය, සහ ගම්පහ යන ප්‍රදේශවල මෙන්ම බස්නාහිර පළාතේ දකුණු රථවාහන අංශයේ ප්‍රාදේශීය නිළධාරීන් සඳහා මෙම උපකරණ බෙදා දී තිබෙනවා.

එමෙන්ම, ඉදිරියේ දී දිවයිනේ සියළුම පොලිස් කොට්ඨාසයන් ආවරණය වන පරිදි රථ වාහන අංශයන් වෙත ලබා දීමට නියමිතයි.

මෙම වේග මාපක (SPEED GUN) උපකරණ ඇමරිකාවේ නිෂ්පාදිත ලේසර් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන අතර විශේෂ රාත්‍රී රථ වාහන මෙහෙයුම් සඳහා ද භාවිතා කිරීමට හැකිවන පරිදි නිෂ්පාදනය කර ඇති බව සඳහන්.

2024 වසරේදී මෙරට තුළ රථවාහන අනතුරු 24,589ක් වාර්තා වනවා.

ඉන් 2,242ක් මාරක අනතුරුවන අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 2,253ක්.

අධික වේගයෙන් රිය පැදවීමේ සිද්ධීන් 31,182 ක් එම කාලය තුළදී පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර, ඉකුත් වසරේ සිදුවූ රිය අනතුරුවලින් අනතුරු 731 ක්ම සිදුව ඇත්තේ අධික වේගය නිසා බව පොලිසිය සඳහන් කරනවා.

මෙම නව ක්‍රියාමාර්ග හරහා එවැනි සිදුවීම් අවම කිරීම පොලිසියේ අරමුණ වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here