නව සංචාරක කලාප 13 ක් හඳුනාගෙන තිබෙනවා.

මේ වනවිට මෙරට සංචාරක කලාප 26ක් නම් කර ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කළේ.

යාපනය – කුච්චවෙලි, අනුරාධපුර,පොළොන්නරුව,මහනුවර,මාතලේ සහ ත්‍රිකුණාමළය වැනි ප්‍රදේශවල නව සංචාරක කලාප පිහිටුවන බව ද සභාපතිවරයා සදහන් කළේ ය.

බුද්ධික හේවාවසම් මහතා තවදුරටත් සඳහන් කළේ මේ වන විට හෝටල්වලට කාමර වෙන්කරවා ගැනීමේ ප්‍රමාණ නැවත 80% දක්වා ඉහළ යමින් පවතින අතර එය වසර පහකට ආසන්න කාලයක් තිස්සේ සංචාරක ක්ෂේත්‍රයේ නොතිබූ ප්‍රබෝධමත් මට්ටමක් ඉස්මතු කරන බවයි.

සංචාරක ව්‍යාපරයේ හොඳම වසර ඉදිරියෙන් ඇති බවත් මේ වසරේ ශීත සෘතුව, ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරන බවත් ඔහු පවසයි.

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තුළ 2029 වසර වන විට මීට පෙර ළඟා කර ගැනීමට අපොහොසත්වූ ඉලක්කද සපුරා ගත හැකි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර, පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක් රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘත කිරීමට රජයේ අවදානය යොමු වී තිබේ.

බුද්ධසාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ, ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සීගිරිය ඒ සඳහා පළමුව තෝරාගෙන ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here