කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් සේතාවාඩිය ප්‍රදේශයේ පිහිටි පුද්ගලික සංචාරක හෝටලයක් විදේශ ජාතිකයකු විසින් මාර්ග ගත ක්‍රමයට වෙන් කලද, එම සංචාරක හෝටලය වසර පහක පමණ කාලයක සිට වසා දමා ඇති බව දැන ගැනීමෙන් අනතුරුව තමන් දැඩි අපහසුතාවයට පත්වූ බව පවසමින් මෙරට පැමිණි ඉතාලි සංචාරකයෙක් කල්පිටිය පොලිසියට පැමිණිල්ලක් යොමු කර ඇති බව පරික්ෂණ පවත්වන කල්පිටිය පොලිසිය සදහන් කරනවා.
ඉතාලියේ රෝම නගරයේ පදිංචිකරුවකු වන මෙම විදෙස් ජාතිකයා ඉකුත් 09 වන දා මෙරටට පැමිණ මීගමුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන ඇති අතර, පසුව ඔහු මාර්ග ගත ක්‍රමය ඔස්සේ කල්පිටිය, සේතාවාඩිය ප්‍රදේශයේ පිහිටා ඇති බව පැවසෙන සංචාරක හෝටලයක් වෙන් කරගෙන ඇති බව පවසනවා.
එලෙස වෙන්කර ගත් හෝටලයට එම විදෙස් ජාතික සංචාරකයා (13) දිනයේ පැමිණ ඇති අතර, එහිදී ඔහුට දැක ගන්නට ලැබී ඇත්තේ එම හෝටලය වසර පහක පමණ කාලයක සිට වසා ඇති බවයි.
මේ හේතුවෙන් දැඩි ලෙස අපහසුතාවයටත් කෝපයත් පත් අදාල විදෙස් ජාතිකයා කල්පිටිය පොලිසියට පැමිණිල්ලක් කිරීමෙන් පසු කල්පිටිය පොලිසියේ නිළධාරින් කණ්ඩායමක් පැමිණ විමර්ශණයක් ආරම්භ කිරීමෙන් අනතුරුව අදාල විදෙස් සංචාරයාට නවාතැන් ගැනීම සදහා ඒ අසලින් වෙනත් හෝටලයක් වෙන්කර දීමට පොලිසිය කටයුතු කර තිබුණි.