මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 972 දෙනෙකුගේ හිඟයක් පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා.

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරණු ලැබු විශේෂඥ වෛද්‍ය තනතුරු සංඛ්‍යාව සැසදිමේ දි 2023 වර්ෂයේ නොවැම්බර් මස වනවිට විශේෂඥ වෛද්‍යවරුන්ගේ මෙම හිඟය පවතින බවයි මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 58කට අදාළව අනුමත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 2837කි.

එහෙත් විගණනයට ඉදිරිපත් කරණු ලැබු තොරතුරු අනුව විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 50කට අදාළව එම සංඛ්‍යාව 2740කි.

එමෙන්ම විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 08කට අදාළව අනුමත තනතුරු 66ක් සඳහා කිසිදු වෛද්‍යවරයකු පත්කර නොමැති බවද එම විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.

එහෙත් විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 12කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 113ක් අතිරික්තව සේවයේ යොදවා තිබුණි. විශේෂඥ වෛද්‍යවරුන් සේවයේ යෙදවිම සදහා විධිමත් අනුමැතියක් හෝ ලබා නොගත් විශේෂඥ ක්ෂේත්‍ර 12ක් තුල විශේෂඥ වෛද්‍යවරු 141ක් සේවයේ යොදාවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here