ගල් ඔය ගඟේ බැම්ම කැඩී යාමේ අවදානමක් මතුව තිබෙනවා.

මේ හේතුවෙන් ගල්ඔය සුදුවැල්ල ගම්මානයේ පවුල් 100 ක් ආරක්ෂිත ස්ථානයක් වෙත ඉවත් කළ බව අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා පවසනවා.

ඇද හැලෙන අධික වැසි සමග ගල්ඔයේ ඛාදනවී ඇති ඉවුරු බිඳී ජලය පිටාර ගැලීමේ අවධානමක් පවතින බවද දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ මේ හේතුවෙන් ගංවතුර තත්ත්වයක්ද ඇතිවිය හැකි බවත් කොට වෙහෙර ප්‍රදේශයෙන් ගල්ඔයේ ඉවුරු යළිත් ඛාදනයට ලක්ව ඇති බවයි.

ඒ හේතුවෙන් වගා ජලය ගෙනයන ඉපිල් ඇලේ කොටසකට දැඩි හානි සිදුව තිබෙනවා.

ගල්ඔයට සමාන්තර මාර්ගයේ කොටසක්ද ඉවරු ඛාදනය හේතුවෙන් විනාශ වී තිබෙන බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here