දොඩංගොඩ විල්පාත, අමුගොඩ පාර ප්‍රදේශයේ නිවසකට අද අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි .

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, නිවසේ ජනේලයට වෙඩිප්‍රහාර හතරක් එල්ලවී ඇති බවත් පොලිසිය සදහන් කරයි.

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවත් සදහන් වේ.

වෙඩි ප්‍රහාරය අද අළුයම 1.50 ට පමණ එල්ලවි ඇති අතර , මොහොතේ නිවසේ පියා මව සහ වැඩිමහල් පුත්‍රයා රැදී සිට ඇත .

නිවසේ බාල පුත්‍රයාට මැර තර්ජන තිබී ඇති අතර ,ඔහු ඒ බව නිවසේ දෙමාපියන්ට සහා සහෝදරයන්ට සහෝදරයන්ට ප්‍රකාශ කර ඇති අතර, ඔහු මේ වන විට රුමේනියා රාජ්‍යයේ ඔහුගේ බිරිඳ සමග රැකියාවකට ගොස් ඇති බවත් පොලිසිය සදහන් කරයි.

වෙඩි ප්‍රහාරය පිස්තෝලයකින් සිදුකර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරු ඇති බවත් පොලිසිය සදහන් කරයි.

කළුතර කොට්ඨාශ අපරාධ පරීක්ෂණාගර නිළධාරීන් පරීක්ෂණ සිදුකරන ලද අතර, විශේෂ කාර්ය බළකා සෙබළුන් ද කැදවා තිබුණි.

දොඩංගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වති .

(සම්පත් කුලරත්න – කළුතර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here