කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව හෙට (16) සවස 6:00 සිට අනිද්දා (17) උදෑසන 6:00 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි පැවසෙන්නේ.

කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම කප්පාදු කරන බව එම මණ්ඩලය දැනුම්දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here