ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කර ඇති නවතම එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල මහීෂ් තීක්ෂණ 03 වන ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ ස්ථාන 04ක් ඉදිරියට පැමිණෙමින්.

නවසීලන්තය සමග පැවති එක්දින තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මහීෂ් තීක්ෂණ මෙලෙස ඉදිරියට පැමිණ තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ රැදී සිටින අතර, දෙවන ස්ථානය හිමිව ඇත්තේ ඉන්දියාවේ කුල්දීප් යාදෙව්ටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here