අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා ලබාදෙන ප්‍රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධයෙන් වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
2002 අංක 24 දරණ සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ, අංක 2415/66 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති නිවේදනයක් ද මෙහිදී සලකා බැලීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.
එහිදී අන්ත දිළිඳු පවුල් සඳහා ලබාදෙන රුපියල් 15,000 දීමනාව රුපියල් 17,500 දක්වා වැඩි කිරීමටත්, රුපියල් 8,500 ලබාදෙන පවුල් සඳහා රුපියල් 10,000 ක් ලබාදීමටත්, රුපියල් 2,500 ක් ලබාදෙන පවුල් සඳහා රුපියල් 5,000 ක් ද රුපියල් 5,000 ක් ලබාදෙන පවුල් සඳහා එම දීමනාව නොවෙනස්ව ලබාදීමටත් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.