චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති Zhao Leji මහතා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වෙයි. එම හමුව අද (16) බෙයිජිංහි මහජන මහා ශාලාවේදී සිදු කෙරිණ.
දෙරටේ නායකයන් එළඹුණු වැදගත් එකඟතා ක්‍රියාත්මක කොට අවංක අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් සහ පාරම්පරික මිත්‍රත්වයකින් යුතු උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය අඛණ්ඩව ගැඹුරින් පවත්වා ගැනීමට ප්‍රයත්න දැරීමට ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Zhao Leji මහතා එම හමුවේදී සඳහන් කළේය. දෙරටේ නීති සම්පාදක ආයතනයන්හි විවිධ මට්ටමේ සම්බන්ධීකරණ ගැඹුරු කොට නීති සම්පාදනය සහ අධීක්ෂණය යනාදී ක්ෂේත්‍රවල අත්දැකීම් හුවමාරු කිරීමට චීන ජාතික මහජන කොංග්‍රසය සූදානමින් සිටින බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාව හා චීනය අතර මිත්‍රත්වයට දිගු කාලීන ඉතිහාසයක් ඇති බව අනුර කුමාර දිසානායක මහතා එහිදී පැවසීය. චීනය සමඟ ආර්ථිකය, සංස්කෘතිය, අධ්‍යාපනය හා සංචාර යනාදී විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා ගැඹුරින් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බව ද දිසානායක මහතා කියා සිටියේය.
Your point of view caught my eye and was very interesting. Thanks. I have a question for you.