පාසල් සිසුන් දෙදෙනකු ගමන් ගත් යතුරු පැදියක් හා බස් රථයක් මුහුණට මුණුණ ගැටීමෙන් (16) වන දින තඹුත්තේගම, නොච්චියාගම මාර්ගයේ රනෝරාව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් සිසුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පරික්ෂණ පවත්වන ගාලදිවුල්වැව රථවාහන පොලිසිය පවසයි.
මෙසේ අනතුරට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රනෝරාව, ගාලදිවුල්වැව ප්‍රදේශයේ පදිංචිකාර වයස අවුරුදු (16) හැවිරිදි වියේ පසූවූ ජේ.ඒ.මිලින්ද සම්පත් සහ ජේ.පී.කවිදු මධුශාන් රත්නායක නැමැති සිසුන් දෙදෙනකු බවත්, මොවුන් නොච්චියාගම, දුණුපොතගම විද්‍ය ප්‍රදීප විද්‍යාලයේ එකලොස් වන ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන සිසුවන් දෙදෙනකු බව කියයි.
රිය අනතුරින් මරණයට පත් අදාල සිසුවන් දෙදෙනා දොඹවලගම සිට නිවස බලා යතුරුපැදියෙන් එමින් සිටියදී රනෝරාව මාර්ගයේ, රනෝරාව වැව අසලදී වංගුවක් හැරවීමට ගත් උත්සහය ව්‍යර්ථ වීමෙන් යතුරුපැදිය ධාවනය කල සිසුවාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිව යාමත් සමගම මහනුවර සිට නොච්චියාගම බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක මුහුණට මුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පරික්ෂණ පවත්වන ගාලදිවුල්වැව රථ වාහන පොලිසිය පවසන්නේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ සිසුන් දෙදෙනා කඩිනමින් නොච්චියාගම රෝහල වෙත රැගෙන ගොස් තිබූ අතර, එහිදී මරණයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු ගාලදිවුල්වැව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෘත දේහයන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු නොච්චියාගම රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබුණි.
(පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන)
I don’t think the title of your article matches the content lol. Just kidding, mainly because I had some doubts after reading the article.