බී.බී.සී නාලිකාවේ මෙම වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව තේරී පත්වෙමින් 9 වැනි ස්ථානය හිමිකර ගෙන ඇත. ලොව පුරා  සංචාරකයින්ට වසරේ පළමු මාර්ගෝපදේශය නිකුත් කරමින් බී.බී.සී නාලිකාව මෙම ශ්‍රේණිගත කිරීම ඉදිරිපත් කළේය

මෙම ස්ථාන 25 සංචාරකයින් සාදරයෙන් පිළිගන්නවා පමණක් නොව ඔවුන්ට අද්විතීය සංචාරක අත් දැකීමක් පිරිනමන බවද බී.බී.සී නාලිකාව පැවැසුවේය.

එසේම මෙම ස්ථාන දේශීය ප්‍රජාවට සහාය වීමට, පරිසරය ආරක්ෂා කිරීමට හෝ ඔවුන්ගේ අද්විතීය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට සංචාරක කර්මාන්තය යොදා ගන්නා බවද බී.බී.සී නාලිකාව ප්‍රකාශ කළේය.

මෙම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය ඩොමිනිකාවටත්, දෙවැනි ස්ථානය ජපානයේ නාඕෂිමාවටත්, තෙවැනි ස්ථානය ඉතාලියේ ඩොලොමයිට්ස් කඳුකාරයටත් හිමිව ඇත. අවසන් ස්ථානය නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවරටත් හිමිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here