අද (18) දින වයස අවුරුදු 19න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මැලේසියාවේදී ආරම්භ වේ.

අද දිනයේ තරග 6ක් පැවැත්වෙන අතර, ඉන් සමාරම්භක තරගය ඔස්ට්‍රේලියාව හා ස්කොට්ලන්තය අතර බංගිහිදී පැවැත්වේ.

කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ මූලික වටය ‘A’,’B’,’C’ හා ‘D’ ලෙස කාණ්ඩ 4කින් සමන්විත වන අතර මූලික වටය ජනවාරි 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව සෑම කාණ්ඩයකම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන තුන හිමිකරගන්නා කණ්ඩායම් දෙවන වටය හෙවත් සුපිරි 6 වටයට සුදුසුකම් ලබන අතර මේ සඳහා මූලික වටයෙන් කණ්ඩායම් 12ක් තෝරාගන්නා අතර, ඔවුන් සුපිරි 6 වටයේ දී කාණ්ඩ දෙකක් යටතේ තරග කිරීමට නියමිතයි.

එම කාණ්ඩ දෙකේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමිවේ.

ශ්‍රී ලංකාව මෙහි ‘A’ කාණ්ඩයෙන් ක්‍රීඩාකරන අතර, ඒ යටතේ ඔවුන් ක්‍රීඩාකරන පළමු තරගය සත්කාරක මැලේසියාවට එරෙහිව හෙට (19) දින පැවැත්වීමට නියමිතව ඇත.

2023 වසරේ දකුණු අප්‍රිකාවේදී ආරම්භ වූ මෙම තරගාවලියේ මංගල විස්සය20 ලෝක කුසලානය දිනාගැනීමට ඉන්දියාව සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here