වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ලංකා සතොස ආයතනය දුඹුරු සීනි මිල පහළ දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව, දුඹුරු සීනි මිල රුපියල් 40කින් පහත දමා ඇති අතර එහි නව මිල, රුපියල් 300ක් වේ.
ඊයෙ (17) දින සිට මෙම පාරිභෝගිකයින්ට ලංකා සතොස අලෙවිසැල් මඟින් මෙම භාණ්ඩ ලබා ගත හැකි බවට ලංකා සතොස නිවේදනය කර ඇත.
