මේ දිනවල ඇදහැලෙමින් පවතින අධික වර්ෂාවත් සමග ජලාශ වල ජල මට්ට ඉහළ යාමත් සමග කලාඔය පිටාර ගැලීම හේතුවෙන්, විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම පිවිසුම් දොරටුව දෙස් විදස් සංචාරකයින්ට සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.
රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග කලාඔය ඔස්සේ ඝණ අඩි 6000ක පමණ ගලා බසින ජල ධාරිතාව විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම කලාඔය සපත්තු පාලම මැදින් ගලා යාම හේතුවෙන් එම ප්‍රදේශය මේ වන විට සම්පූර්ණයෙන්ම ජලයෙන් වැසී ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව නැවත දැනුම් දෙන තුරු සංචාරකයින්ට විල්පත්තුව නැරඹිමේ අවස්ථාව නොමැති බව විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ එළුවන්කුලම පිවිසුම් දොරටුව භාර වනජීවි ඒකකය සදහන් කරයි.