විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කරයි.

වසර 3ක් ඇතුළත පියවරෙන් පියවර විදුලි ගාස්තුව අවම වශයෙන් 30% කින් අඩු කරන බවට අමාත්‍යවරයා සඳහන් කරයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 20% කින් විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කළේ ය.

එම නිර්දේශ මෙතෙක් ලැබී නැතැයි බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here