අද (18) පෙරවරු 6.30න් අවසන් වූ ගතවූ පැය 24 තුළ බහාලුම් නිෂ්කාශනය පිළිබඳ වාර්තාවක් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව ප්‍රධාන පර්යන්තයෙන් මුදාහළ බහාලුම් ප්‍රමාණය 2293ක් බව එහි සඳහන් වේ.

තවද, ශ්‍රී ලංකා රේගුව මගින් නිෂ්කාශනය කර වරායේ ගේට්ටු තුළින් මුදාහළ බහාලුම් ප්‍රමාණය 2074ක් බවත් එහි දැක්වේ.

ඒ අනුව ගතවූ පැය 24 ඇතුළත වරාය තුළ සිරව තිබූ බහාලුම් ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් මුදා හැරීමට වරාය, රේගුව ඇතුළ අංශ කටයුතු කළ බවට අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

කෙසේ නමුත් රාජ්‍ය අධිකාරියේ කළමනාකාර අධක්ෂවරා පවසන්නේ පර්යන්තවලින් පිටවූ ප්‍රමාණයට සාපේක්ෂව ගේට්ටුවලින් පිටවී ඇති ප්‍රමාණය අඩු බැවින් බහාලුම් තදබදය අඩු වී නැති බවය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here