ටී 56 ගිනි අවියක් සහ පතරොම් කිහිපයක් කිහිපයක් සමග සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 11 වැනි දින වැල්ලම්පිටිය පොලිස් ස්ථානය මගින් පිස්තෝල අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන ලදි.

එහිදී අනාවරණය වූ තොරතුරු මත තවත් සැකකරුවෙකු පසුගිය 14 වැනි දින කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සමගින් වැලිකන්ද ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක්, එම පතරොම් ගැබක් හා ජීව පතරොම් 18ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉහත සැකකරු සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් දින 90ක රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබූ අතර ඔහුගෙන් අනාවරණය වූ තොරතුරු මත රුපියල් ලක්ෂ 2ක මුදලකට තවත් ටී 56 ගිනි අවියක් අලෙවි කර ඇති බවට කරුණු අනාවරණය කර ගෙන තිබුණි.

එම තොරතුරු මත කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අද දින (18) වැලිඔය ප්‍රදේශයට ගොස් ටී 56 ගිනි අවිය, පතරොම් ගැබක් හා ජීව පතරොම් 11 සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වෙළෙඳසැළක් පවත්වාගෙන යනු ලබන අවුරුදු 47ක් වන වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම ගිනි අවිය වෙනත් අපරාධ සඳහා භාවිත කර ඇතිද යන්න සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here