අනුරාධපුර, පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට පැවති සතොස වෙළඳසැල නවීකරණයෙන් පසුව එය විවෘත කිරීමේ අවස්ථාවට වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහභාගී වී ඇත.

එහිදී, රට පුරා සතොස වෙළෙඳසැල් දහසක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවට අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර තිබේ.

පාරිභෝගික භාණ්ඩවල මිල පාලනය කිරීම සඳහා මෙන්ම පාරිභෝගික ජනතාවට සහන සැලසීම සඳහා මෙම අලෙවිසැල් පිහිටුවන බවට වසන්ත සමරසිංහ මහතා එහිදී පවසා ඇත.

 “2025 අවුරුද්දේ සතොස වෙළෙඳසැල් 150කට වැඩි ප්‍රමාණයක් පාරිභෝගිකයන්ට සේවා සැපයීම සඳහා ආරම්භ කිරීමට අපි සූදානම්ව සිටිනවා. ලබන වසර තුන තුළ සතොස වෙළෙඳසැල් පාරිභෝගිකයින්ට සේවා සැපයන මධයස්ථාන ලෙස දහසක් දක්වා වැඩි කිරීමට අපි කටයුතු කරනවා.

පසුගිය මාස තුන තුළ අපි 17%ක් භාණ්ඩ මිල අඩු කරලා තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ 40ක මිල පසුගිය මාසේ 8%කින් අඩු කරලා තියෙනවා. ඒ නිසා භාණ්ඩවල මිල අඩු කරලා ජනතාවට අඩු මිලට භාණ්ඩ ලබා දෙන්න සතොස වෙළෙඳසැල් ජාලය ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here