උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසයි.
එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර උතුරු පළාතේත් මාතලේ, නුවරඑළිය, පොලොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් එහි සඳහන් වේ.
සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් ව තිබේ.