අද දින කාර්යාක්ෂමතා කඩඉම් විභාගයකට සහභාගි වන දුම්රිය රියදුරන් පිරිසක් ද්විත්ව සේවා මුරවල නොයෙදීම සහ නිවාඩු දැමීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 28 ක් අවලංගු කර තිබේ.
ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ 16 ක්ද, මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 8 ක්, පුත්තලම් මාර්ගයේ ගමන් වාර 4 ක්ද අවලංගු කර ඇත.
කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර අවලංගු නොවන අතර අද පස්වරුව වන විට අවලංගු වන ගමන්වාර සංඛ්‍යාව වඩා ඉහළ යනු ඇතැයි දුම්රිය වෘත්තය සමිති පවසයි.
දුම්රිය රියදුරන්ගේ සංගමයේ සභාපති කේ. ඒ. කොන්තසිංහ මහතා සඳහන් කළේ මේ හේතුවෙන් ඊයේ (18) දිනයේදී ද දුම්රිය ගමන්වාර රැසක් අවංගු කළ බවයි.