මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ, ඇඹිලිපිටිය  සිට මාතර දක්වා සහ මාතර සිට තංගල්ල දක්වා ධාවනය වූ බස් රථ දෙකකි.

අනතුරින් පුද්ගලයින් 35කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් අතුරින් 29 දෙනෙකු ගන්දර රෝහලටත් තවත් පුද්ගලයින් 6 දෙනෙකු මාතර රෝහලටත් ඇතුළත් කර ඇති බවට වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here