ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට පිහිටි අනාරක්ෂිතව ඉදි කර ඇති ආපනශාලාවකින් ආහාර ලබා ගැනිමට ගිය සිසුන් හයදෙනෙකු එම ආපනශාලාව (18) දින කඩා වැටි තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇත.
මෙසේ අනතුරට ලක් වී ඇත්තේ අඹගමුව මධ්‍යම මහා විද්‍යාලයේ 10 වෙනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටින සිසුන් සය දෙනෙකි.
තුවාල ලැබු සිසුන් සය දෙනා ගිනිගත්හේන නගරයේ පැවැත්වෙන බාහිර පන්තියකට සහභාගී විම සඳහා ඊට ප්‍රථම ආහාර ලබා ගැනීමට එම ආපනශාලාවට ගොස් සිටියදි මෙම අනතුරට ලක් වි ඇති බවයි ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා කියා සිටියේ.
එම ආපනශාලාවේ අනාරක්ෂිත බිම් මහල තුල එම සිසුන් පිරිස රැදි සිටියදි ආපශාලාවේ බිම සකසා ඇති ලැලි කඩාගෙන ගොස් සිසුන් පිරිස අඩි 15 ක් පමණ බැවුමට වැටි තුවාල ලබා ඇත.
අනතුරට ලක් සිසුන් පිරිස ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් සහ නගරයේ පිරිසක් එක්ව රෝහල් ගත කර ඇති අතර, තුවාලකරුවන්ගෙන් එක් සිසුවෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
එම ආපනශාලාව තාවකාලිකව ලී උපයෝගි කරගෙන ඉදි කර ඇති ආපනශාලාවක් බවත්, එසේ ඉදි කර ඇති ආපනශාලාවේ ලී දිරාගොස් තිබු බව සිදු කල විමර්ෂණයකදි අනාවරණය වු නිසා එම ආපනශාලාව තාවකාලිකව වසා දමා ඒ අසල පිහිටි එවැනිම ආකාරයේ වෙලදසැල් කිහිපයක් සම්බන්ධයෙන් විධිමත් පියවර ගන්නා ලෙස අඹගමුව ප්‍රාදේශිය සභාව වෙත දැනුම් දි ඇති බව අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.
(හැටන් රංජිත් රාජපක්ෂ)





Can you be more specific about the content of your article? After reading it, I still have some doubts. Hope you can help me.