ගල්කිස්ස සිරිපුර ප්‍රදේශයේදී අද (19) දහවල් සිදුවූ වෙඩි තැබීමේන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බඩේවිට දෙවන අදියරේ පදිංචිව සිටි 24 හැවිරිදි සවිඳු තරිඳු නම් අයෙක් වනවා.
මෙම වෙඩි තැබීමට සම්බන්ධව තවත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.
මියගිය පුද්ගලයා ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු වූ කොස් මල්ලි නැමැත්තාගේ ගෝලයෙක් බව පැවසෙනවා.
වෙඩි තැබීමට පැමිණි සැකකරු අවුරුදු 47ක් වන අයෙකු වන අතර ඔහු බඩෝවිට අසංකගේ පාර්ෂවයේ අයෙකු බවද මේ වන විට අනාවරණය වී තිබෙනවා.
කොස් මල්ලී සහ බඩෝවිට අසංක අතර දීර්ඝ කාලීනව පවතින ආරවුලක ප්‍රතිපලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසනවා.
මෙම දෙපාර්ශ්වය අතර පවතින මෙම ආරවුල හේතුවෙන් මේ වන විට සිදුවූ මරණ සංඛාය 07ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධව බස්නාහිර දකුණ දිශාව බාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.