මාර්ගගත ක්‍රමයට දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන්කර ගැනීමේ දී අතරමැදියන් ඊට මැදිහත් වී සිද්ධ කරන ජාවාරම තවදුරටත් ක්‍රියාත්මක බව වාර්තා වේ.
ඊයේ දිනයේ දී උඩරට මාර්ගයේ දුම්රිය ගමන් සදහා ඔන්ලයින් ක්‍රමයට නිකුත් කළ ප්‍රවේශපත් සියල්ල, තත්ත්පර තිහක් තුළ දී කිසියම් පාර්ශ්වයක් විසින් වෙන්කරගෙන ඇති බව පැවසේ.
ඔන්ලයින් දුම්රිය ප්‍රවේශ පත් ජාවාරමට සම්බන්ධ එක් පුද්ගලයෙකු පසුගිය දා දුම්රිය දෙපාර්තමේන්තුව හදුනාගෙන ඔහු සේවයෙන් ඉවත් කර තිබුනද, තවදුරටත් ජාවාරම ක්‍රියාත්මක වන බව මින් පෙනී යයි.
Imposung restrictions by issuing one ticket per one ID or Passport will resolve this issue