අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

දෙවන අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 08 කට ආසන්න ගණනක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත ලැබී තිබෙන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

එම අයදුම්පත් අතරින් අස්වැසුම ප්‍රතිලාභය ලැබීම සඳහා සුදුසුකම් ලබන පිරිස තෝරාගැනීමේ අරමුණින්, නිවෙස් වෙත ගොස් මෙම සංගණන කටයුතු සිදුකිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here