හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

නීතිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කළ බවට ​අත්අඩංගුවට ගත් හිටපු ඇමති විජිත් විජයමුණි සොයිසා බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (20) පෙරවරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇපයක් මත ඔහු නිදහස් කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන මස 06 වැනි දින නැවත කැඳවීමටද නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here