ශ්‍රී ලංකා සංචාරය සදහා නම් කර සිටින ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයේ නායක Steve Smith ආබාධයකට ලක්ව තිබෙනවා.

BBL ක්‍රිකට් තරගාවලිය යටතේ Sixers හා Thunder කණ්ඩායම් අතර සිකුරාදා පැවැති තරගයේදී ඔහු දකුණු වැලමිටෙහි ආබාධයකට ලක්ව ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට පෙර ඩුබායි හීදී පැවැත්වෙන පුහුණු කඳවුර සඳහා ද ඔහුගේ සහභාගීත්වය ප්‍රමාද වී ඇති අතර, ස්මිත් මේ වනවිට විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාගන්නා බවත්, ඉදිරි දිනකදී ඔහු පුහුණු කඳවු​ර සමග එක්වීමට අපේක්ෂාවෙන් පසුවන බවත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සඳහන් කළා.

නිත්‍ය නායක පැට් කමින්ස් පෞද්ගලික හේතුවක් මත නොපැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකරන අතර, ඔහු වෙනුවට ස්මිත් කණ්ඩායම මෙහෙයවීමට නියමිතව තිබුණා.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි 29වනදා ගාල්ලේ දී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here