ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක අද (20) උදෑසන කාර්යාල දුම්රියක නැගී කොළඹ දක්වා පැමිණ තිබෙනවා.

අමාත්‍යවරයා මොරටුවේ සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රියක මෙලෙස සාමාන්‍ය මගියෙකු ලෙස ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මගීන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් ඔවුන්ගේ ගැටළු පිළිබඳව විමසා ඇති බවයි වාර්තා වුණේ.

දුම්රිය ප්‍රවාහනය පවතින ගැටළු පිළිබඳව අමාත්‍යවරයාව දැනුවත් කිරීමට දුම්රිය මගීන් රැසක් එහිදී කටයුතු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here