මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගය කහටගොල්ල ප්‍රදේශයෙන් මතුවූ අවදානමක් හේතුවෙන් 18 වංගුව මාර්ගය වසා දැමීමට තීරණය කර තිබේ.
ගල් පෙරලීමේ අවදානම හේතුවෙන් අද (21) පස්වරු 6.00 සිට හෙට (22) පෙරවරු 6.00 දක්වා නැවත දැනුම්දෙන තුරු එම මාර්ග කොටස වසා තැබෙනු බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසීය.
ඒ අනුව වැඩිදුරටත් අදහස් පළ කළ දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ, මේ වනවිට හුන්නස්ගිරිය කහටගොල්ල ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රධාන මාර්ගයට ගල් පෙරළී ඇති බවය.
තවදුරටත් ගල් පෙරළීමේ අවදානමක් ඇති බැවින් මාර්ගය තාවකාලික වසා දැමීමට පියවර ගැනුණි.
අවදානම් සහිත ගල් ඉවත් කිරීමෙන් අනතුරුව නැවත මාර්ගය විවෘත කිරීමට සැලසුම් කර තිබේ.