පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් ඊයේ (23) දින කොළඹ දිස්ත්‍රික්කය තුළ සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා විශේෂ වැටලීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව එහිදී වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 20 කට වැඩි ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකරගෙන ඇති අතර සහල් සඟවාගෙන සිටි වෙළෙන්දෙකු සහ කල් ඉකුත් වූ සහල් ගබඩාකරගෙන සිටි වෙළෙඳසැලක් ද නිලධාරීන් විසින් වටලා ඇති බවයි සඳහන් වෙන්නේ.

සහල් වැඩි මිලට අලෙවිකරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම අඛණ්ඩ වැටලීම් ක්‍රියාත්මක කරන බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here