Netflix රියැලිටි කතා මාලාවක් වන ‘Bling Empire’ හි සිටි සිංගප්පූරුවේ ප්‍රසිද්ධ ආභරණ නිර්මාණකාරිනියක වන Lynn Ban මියගොස් තිබේ.

මිය යන විට ඇගේ වයස අවුරුදු 52කි.

නිවේදනයක් නිකුත් කරමින් ලින් බෑන්ගේ පවුලේ පිරිස් සඳහන් කර ඇත්තේ, ඇය මොළයේ සැත්කමකට භාජනය වී මාසයකට පසු මිය ගිය බවයි.

පසුගිය දෙසැම්බර් මාසයේ අගභාගයේදී, කොලරාඩෝවේ ඇස්පන් වෙත කළ පවුලේ සංචාරයකදී ඇය හිම මත ලිස්සා යාමේ අනතුරකට මුහුණපා තිබුණි.

ඉන් ඇයගේ මොළයට හානි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here