ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් Warne-Murali කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා.

සංචිතය සදහා ලහිරු උදාර, සොනාල් දිනූෂ හා ජෙෆ්රි වැන්ඩර්සේ වැනි නව​ක ක්‍රීඩකයින් ද නම් කර ඇති අතර, ඕෂද ප්‍රනාන්දු ද සංචිතයට නම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ජනවාරි 29 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here