පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිතැන් හා දේපල අධික වැසි හේතුවෙන් විනාශ වීම සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් ව ඇත්තේ මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ තමන් විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් තමන්ගෙන් පසු බලයට පත්වූ ආණ්ඩු ක්‍රියාත්මක නොකිරිම බවයි.
2019 වසරේදී තමන් විසින් අනුරාධපුරයට සහ වයඹට මොරගහකන්ද ජලාශයෙන් ජලය කි.මි 15-20 පමණ ඇලමාර්ගයක් ඉදි කරමින් පැවති බවත් 2019 වසරේ සිට 2024 වසර දක්වා වයඹ සහ අනුරාධපුරයට යන ඇලමාර්ග ඉදිකිරීම් එවකට පැවැති ආණ්ඩුවලින් ක්‍රියාත්මක නොකළ බව හිටපු ජනාධිපතිවරයාගේ නිවේදනයේ දැක්වෙනවා.
ඔහු නිවේදනයක් මගින් පෙන්වා දෙන්නේ 2019 වසරේ සිට 2024 වසර දක්වාම වයඹට සහ අනුරාධපුරයට යන විශාල ඇල මාර්ග කපා තිබුණේ නම් පොළොන්නරුවට මෙවැනි ආපදා තත්ත්වයක් ඇති නොවන බවයි.
මේ හේතුවෙන් වර්තමාන රජය මේ සම්බන්ධව අවධානය යොමු කර අනුරාධපුරයට සහ වයඹ පළාතට ජලය ගෙන යන ඇලමාර්ග ඉදිකිරීම් ආරම්භ කළහොත් පොළොන්නරුවට මෙවැනි විනාශයක් ඇති නොවන බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
ඔහු නිකුත් කළ නිවේදනය පහතින්,
