මෙරටට ලැබෙන පළමු ආනයනික ලුණු තොගය එළැඹෙන 27 වැනිදා මෙරටට ලැබීමට නියමිතයි.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසන්නේ ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 4,500ක් එලෙස ලැබීමට නියමිත බවයි.

පසුගිය වර්ෂා සමයේදි මෙරට ලුණු ලේවායන්හි අස්වැන්නට සිදුවු බලපෑම් සැලකිල්ලට ගෙන, ලුණු ආනයනය කිරිමට රජය පියවර ගනු ලැබුවා.

ඒ අනුව, ලබන 31 වැනිදා වන විට ලුණු මෙට්‍රික් ටොන් 12,500ක් ආනයනයට සැලසුම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here