යෝෂිත රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන 27 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි අලුත්කඩේ අංක 5 අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙන්නේ.

රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34 ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව යෝෂිත රාජපක්ෂ අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here