මේ වන විට සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට බිත්තර සහ කුකුළු මස් මිලදී ගැනීමට අවස්ථාව සැලසී ඇති බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ පසුගිය සමයේ රටේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කළ බවයි.

අජිත් ගුණසේකර මහතා මෙහිදී සඳහන් කළේ මේ වන විට බිත්තර සිල්ලර වෙළඳපොළේ රුපියල් 25 – 28 අතර මුදලකට ඇති අතර සම සහිත ශීත කළ කුකුළු මස් රුපියල් 900ක මුදලකටත්  සම රහිත කුකුළු මස් රුපියල් 1000ක මුදලකටත් ලබා ගැනීමට අවස්ථාව ඇති බවයි.

මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ඉතා අවදානම් සහගත අවස්ථාවක ආයෝජනය කර ‍රටේ අවශ්‍යතාවයට බිත්තර නිශ්පාදනය කරමින් පවතිනවා.

“නව රජයේ ප්‍රතිපත්තිය තිබ්බේ පිටරටින් කුකුළු මස් සහ බිත්තර පිටරටින් ආනයනය කරන්නේ නැහැ කියන එක , අපි නව රජයේ ප්‍රතිපත්තිවලට ස්තූතිවන්ත වෙනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here