ඉන්දියාවෙන් ආනයනය කරන පළමු ලුණු තොගය හෙට (27) දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ලුණු මෙට්‍රික් ටොන් 4,500ක් පළමු තොගය ලෙස දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේ.
පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග රට තුළ ලුණු හිඟයක් ඇතිවීමේ අවදානම සැලකිල්ලට ගනිමින් අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණා.